ශ්‍රීලනිප: යේ මහලේකම් මමයි – දයාසිරිගෙන් පාර්ලිමේන්තුවට ලිපියක් (නිවේදනය)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අනීතික ව ඉවත් කර ඇති බවට පාර්ලිමේන්තුවට දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ සභාපති නිමල් සිරිපාල විසින් ඔහුගේ නිල මුද්‍රාව සහ අත්සන යටතේ මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙනත් නව පක්ෂවල නායකත්වය ගෙන කටයුතු කරන බවත්; එසේ පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධ ව මැතිවරණ සඳහා සූදානම් විය නොහැකි බව ද දන්වමිනුයි අදාළ ලිපිය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට යොමු කළේ.

නමුත් අද දිනයේ පක්ෂ සාමාජිකත්වය තහනමකට ලක් වූ දයාසිරි ජයසේකර විසින් විශේෂ ලිපියක් පාර්ලිමේන්තුව වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ; අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් එවන ලැබුවා යැයි මාධ්‍යය මගින් ප්‍රචාරය එවූ ලිපියක් කිසිදු අයුරකින් තමන් වෙත නොලැබුණු බවයි.

එමෙන්ම ශ්‍රීලනිප සභාපති පවසන ආකාරයෙන් තමන් කිසිදු වෙනත් පක්ෂයක සාමාජිකත්වයක් ගෙන නොමැති බව ද ලිපියේ සඳහන්.

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වූ මාස 10ක කාලය තුළ තමන් විසින් පක්ෂ 23ක ආරාධනයෙන් සිදු කළ දේශපාලන ක්‍රියාදාමයක නායකත්වයෙ ගෙන කටයුතු කළ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයක නිල වශයෙන් සාමාජිකත්වයක් ගෙන නොමැති බවයි මන්ත්‍රී දයාසිරි ජයසේකර සිය ලිපිය මගින් අවධාරණය කරන්නේ.

එමෙන්ම නිමල් සිරිපාල ද සිල්වා යනු ශ්‍රීලනිප යේ අනීතික සභාපතිවරයෙකු මිස නීත්‍යානුකූල සභාපතිවරයා නොවන බව එම ලිපියේ සඳහන් කරන මන්ත්‍රී ජයසේකර සඳහන් කරන්නේ; ඊයේ දිනයේ දී දිසා අධිකරණය විසින් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවත්, පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් නඩුව අවසාන වන තුරු කටයුතු කිරීමට නියෝගයක් ලබා දී ඇති බව ද සඳහන් කර තිබෙනවා.

එම තීන්දුවට අනුව එවකට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය ලේකම්, සරත් ඒකනායක සහ පක්ෂයේ සියලු සාමාජිකයින් සහ ඔවුන්ගේ සේවකයින් එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන බව ද පාර්ලිමේන්තුවට යොමු කළ ලිපියේ සඳහන්.

එබැවින් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු නීත්‍යානුකූල සභාපතිවරයෙකු නොමැති අතර ලේකම්වරයෙකු ලෙස අධිකරණය විසින් පත් කරනු ලැබ ඇත්තේ තමන් පමණක් බව ද එම ලිපියේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, ඇමති තනතුරු වරප්‍රසාදවලට මුවාවෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට කියැවෙන පුවත කූඨ උපායක් බව ද මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙනවා.

එබැවින් එම වංචනික ක්‍රියාවලට නො හසුවී පක්ෂය රැක ගනිමින් රට සුරැකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වන ලෙසටයි මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?