සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඇද වැටුණු දරුවන්ගේ cctv දර්ශන මාධ්‍යයට (වීඩියෝ)

පෙරේදා (02) රාත්‍රියේ කොම්පඤ්ඤවීදියේ, ඇල්ටෙයාර් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ 67 වන මහලෙන් ඇද වැටී මියගිය 15 හැවිරිදි සිසුවා සහ සිසුවිය අදාළ ගොඩනැගිල්ලට පැමිණි cctv දර්ශන මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය හදිසි අනතුරක් ද එසේත් නැතහොත්, සියදිවි නසාගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක වන අතර ඔවුන් දෙදෙනා කොළඹ 07 ජාත්‍යන්තර පාසලක 10 ශ්‍රේනියේ ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙක්.

මෙම දරුවන් දෙදෙනා පෙරේදා පාසල් අවසන් වී එම ගොඩනැගිල්ලට පැමිණ තිබුණේ ත්‍රීරෝද රථයකින්.

අනතුරුව ඔවුන් එහි පස්වන මහලේ ඇති ව්‍යායාම මධ්‍යස්ථානයට ගොස් පාසල් ඇඳුම් මාරු කර පාසල් බෑග් එම ස්ථානයේ තබා නැවත එම ගොඩනැගිල්ලේ සැරිසරා තිබෙනවා.

මද වේලාවකින් සිසුවා පමණක් නැවත එම ගොඩනැගිල්ලෙන් පහළට පැමිණ ඇති අතර එහි සිටි කිසියම් පුද්ගලයෙකු හමු වී ඔහුගෙන් යමක් රැගෙන නැවත නිවාස සංකීර්ණයේ 5 වැනි මහලට ගොස් තිබුණා.

ඔවුන් දෙදෙනා ගොඩනැගිල්ලේ 67 වන මහලට ගොස් තිබෙන්නේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත්, පසුව එම මහලේ පිටතින් ඇති තරප්පු පෙළ අසල මේ දෙදෙනාගේ මුදල් පසුම්බි හා පාවහන් හමු වී ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පහළට පැන්නා ද නැතහොත් ඇද වැටුනා ද යන්න තහවුරු කර ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ දෙදෙනා මෙම නිවාස සංකීර්ණයේ පදිංචි ව සිටින පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුගේ දරුවෙකු හමුවීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වූ මහලට අදාළ සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කිරීමේදී සැක කටයුතු කිසිවක් දැකගැනීමට නොහැකි වූ බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු දසත නිව්ස් සමඟ පවසා සිටියා.

එමෙන්ම, සිද්ධියට ටික වේලාවකට පෙර එම මහලින් ඇද වැටී මිය ගිය සිසුවියට දුරකථන ඇමතුමක් ද ලැබී තිබෙනවා.

මෙම දරුවන් දෙදෙනා ගොඩනැගිල්ලේ තුන්වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති කොටසට වැටී ඇති අතර ඇද වැටීමේදී එහි ඇති උපකරණවලට කැපී බරපතළ තුවාල ද සිදුව තිබෙනවා.

ඇද වැටීමෙන් දරුවන් දෙදෙනා එම ස්ථානයේ දී ම මිය ගොස් සිටියා.

මියගිය දරුවන්ගේ දෙමාපියන්ගෙන් පොලිසිය මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ශණය ඊයේ සිදු කෙරුණු අතර අනතුරුව දේහයන් නිවෙස් වෙත ලබාදීමට කටයුතු කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56