බලපත්‍ර රහිත ව පවත්වාගෙන ගිය කාන්තා හා ළමා නිවාසයකට මුද්‍රා තබයි

බලපත්‍ර රහිත ව කාන්තා හා ළමා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් මුද්‍රා තබා තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ යාපනය – තෙල්ලිපලෛ ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල් මහත්මිය විසින් උතුරු පළාත් පරිවාස හා ළමාආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට මෙම නීත්‍යානුකූල බවින් තොර කාන්තා හා ළමා නිවාසය පිළිබඳ ව දැනුම් දී ඇති බවත් ඉන් අනතුරුව එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙලෙස මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ‘අභයම්’ නමැති මහජන පැමිණිලි මධ්‍යස්ථානය වෙත මෙම කාන්තා සහ ළමා නිවාස දෙක සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව කාන්තා නිවාසය සහ ළමා නිවාසය මුද්‍රා තැබීමට දැනුම් දුන් බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ.

කාන්තා නිවාසය අවිධිමත් ව පවත්වාගෙන යාම සහ ලියාපදිංචි නොකළ ළමා නිවාසයක අනිසි ලෙස CCTV කැමරා සවිකිරීම පිළිබඳ ව ‘අභයම්’ ඒකකයට ලද පැමිණිලි සම්බන්ධයෙන් තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් මේ සම්බන්ධ ව විමර්ශනයක් සිදුකර තිබුණා.

එම ළමා නිවාසයේ භාරකරුවන් විසින් බාලවයස්කාර දරුවන්ගේ දර්ශන අනිසි ලෙස CCTV කැමරා ඔස්සේ නිරන්තරයෙක් පටිගත කර ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03