AFC Banner
Empty Ad
Empty Ad

බලපත්‍ර රහිත ව පවත්වාගෙන ගිය කාන්තා හා ළමා නිවාසයකට මුද්‍රා තබයි

බලපත්‍ර රහිත ව කාන්තා හා ළමා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් මුද්‍රා තබා තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ යාපනය – තෙල්ලිපලෛ ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල් මහත්මිය විසින් උතුරු පළාත් පරිවාස හා ළමාආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට මෙම නීත්‍යානුකූල බවින් තොර කාන්තා හා ළමා නිවාසය පිළිබඳ ව දැනුම් දී ඇති බවත් ඉන් අනතුරුව එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙලෙස මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ‘අභයම්’ නමැති මහජන පැමිණිලි මධ්‍යස්ථානය වෙත මෙම කාන්තා සහ ළමා නිවාස දෙක සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව කාන්තා නිවාසය සහ ළමා නිවාසය මුද්‍රා තැබීමට දැනුම් දුන් බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ.

කාන්තා නිවාසය අවිධිමත් ව පවත්වාගෙන යාම සහ ලියාපදිංචි නොකළ ළමා නිවාසයක අනිසි ලෙස CCTV කැමරා සවිකිරීම පිළිබඳ ව ‘අභයම්’ ඒකකයට ලද පැමිණිලි සම්බන්ධයෙන් තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් මේ සම්බන්ධ ව විමර්ශනයක් සිදුකර තිබුණා.

එම ළමා නිවාසයේ භාරකරුවන් විසින් බාලවයස්කාර දරුවන්ගේ දර්ශන අනිසි ලෙස CCTV කැමරා ඔස්සේ නිරන්තරයෙක් පටිගත කර ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස 06ක් යද්දිවත් රුපියල් 150ට පෙට්‍රල් ටික දෙන්න...#akd #npp #anurakumaradissanayake
Video thumbnail
හිටපු ජනපතිවරුන්ට වැඩ වරදින්නයි යන්නේ
Video thumbnail
මැතිවරණ කොමිසමේ ලොක්කන්ට කන හරහා මොළයට වදින්නම කිව්ව කතාව #electioncommission
02:20
Video thumbnail
අපි සමුගන්නේ නෑ.. මම මේ පාර අනිවාර්යෙන් දිනනවා
03:28
Video thumbnail
ජන්ද දිනය වෙනස් කරන්න කියා මැතිවරණ කොමිෂමට ආ සීලරතන හිමි
05:27
Video thumbnail
Breaking News🛑මහින්ද සහ ගෝඨාභය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #breakingnews #viralnews
03:46
Video thumbnail
එදා අනුරට බැනපු ජොන්ස්ටන් අද අනුර වෙනුවෙන් සතුටු වුණු හැටි
03:32
Video thumbnail
සුදත්තගේ අත්‍යවශ්‍යම අංගය ඉවත් කිරීමට කාන්තාවෝ සැරසෙයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය කොන්දේසි විරහිතව මාලිමාවට
02:43
Video thumbnail
වේයෝ කාපු රෝසිගේ වාහනය ගැන ජොන්ස්ටන් කිව්ව දේ
04:10

?