spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දොස්තර බෙල්ලනත් එජාපයේ සාමාජිකත්වය ගනී (වීඩියෝ)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඒ, අනුව ඔහුට එම පක්ෂයේ සංවිධායක තනතුරක් පිරිනමා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනක දී එම පත්වීම් ලිපිය පිරිනමා තිබෙනවා.

පසුගිය දිනවල කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරින් ඉවත්කරන ලෙසට බලකරමින් විරෝධතාවන් ද පවත්වනු ලැබුවා.

මේ අතර මෙම අවස්ථාවේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?