logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මහනුවර උසාවියේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා අල්ලයි

මහනුවර අධිකරණ සංකීර්ණය බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයා ගිනිගත්හේන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා අද (02) දහවල් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 53ක පුද්ගලයෙක්.

සැකකරු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තම දුරකථනය ඇද (01) දින දහවල් අස්ථානගත වූ බවයි.

බෝම්බ බියක් හේතුවෙන් අද (02) පෙරවරුවේ මහනුවර අධිකරණයේ වැඩ කටයුතු අඩාල වුණා.

අධිකරණ පරිශ්‍රයේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් මත මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා.

කෙසේ වෙතත් පොලිසිය ආරක්ෂක අංශ සමඟ එක්ව අධිකරණ පරිශයේ සිටි පිරිස් ඉන් පිටතට යොමුකර සිදුකළ පරීක්ෂාවක දී අනාවරණය වූයේ එහි බෝම්බයක් නොමැති බවයි.

මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල් දැමීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-06| Dasatha News
00:00
Video thumbnail
ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධව ප්‍රාමාණික දැනුමකට මහ බැංකු අධිපතිගෙන් නිවැරදි විග්‍රහයක්...
18:19
Video thumbnail
නායයෑමේ නිවේදන නිකුත් කළ ප්‍රදේශ මෙන්න...ඔබගේ ජීවිතේ අවදානමක? #breakingnews
01:14
Video thumbnail
"දිස්ත්‍රික්ක තුනකට තද සුළං" - ධීවර සහ නවික ප්‍රජාවටත් දැනුම්දීමක් #whether #whether_news
02:14
Video thumbnail
සුක්කානම අතට ඇවිල්ලා වුණ හදියක් CCTVයේ...
01:03
Video thumbnail
"ප්‍රේමදාසගේ පුතා නොවෙන්න,සජිත්ට ජනාධිපති වෙන්න පුළුවන් එක සුදුසුකමක් මට කියන්න" - අනුර
12:05
Video thumbnail
දවසේ කාටූන් එක පෙළට... #cartoon
03:41
Video thumbnail
පොලිස් නිල සුනඛ බළ ඇණියට නෙදර්ලන්තයෙන් අලුතින් 35ක්...
01:35
Video thumbnail
සිසුවිය ගෙනා අත්තන ඇට කෑ අසේලපුර මහ විදුහලේ සිසුන් 7ක් රෝහලේ...
01:42
Video thumbnail
ඔන්ලයින් ජාවාරමට හවුල් වුණැයි දොස්තර තාත්තයි පුතයි රිමාන්ඩ්...
00:56

?