මහනුවර උසාවියේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා අල්ලයි

මහනුවර අධිකරණ සංකීර්ණය බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයා ගිනිගත්හේන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා අද (02) දහවල් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 53ක පුද්ගලයෙක්.

සැකකරු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තම දුරකථනය ඇද (01) දින දහවල් අස්ථානගත වූ බවයි.

බෝම්බ බියක් හේතුවෙන් අද (02) පෙරවරුවේ මහනුවර අධිකරණයේ වැඩ කටයුතු අඩාල වුණා.

අධිකරණ පරිශ්‍රයේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් මත මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා.

කෙසේ වෙතත් පොලිසිය ආරක්ෂක අංශ සමඟ එක්ව අධිකරණ පරිශයේ සිටි පිරිස් ඉන් පිටතට යොමුකර සිදුකළ පරීක්ෂාවක දී අනාවරණය වූයේ එහි බෝම්බයක් නොමැති බවයි.

මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල් දැමීමටයි කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43