චීන – අමෙරිකාව අභ්‍යවකාශ හුවමාරුව ගැන විවෘත ස්ථාවරයක්

චීන – අමෙරිකා අභ්‍යවකාශ හුවමාරු හා සහයෝගීතාව පිළිබඳ ව විවෘත ස්ථාවරයක් දරන බව චීනය
පවසනවා.

‘චැන්ග් ඊ 6’ මෙහෙයුමෙන් පසුව අභ්‍යවකාශ සහයෝගීතා පිළිබඳ ඇරයුමක් ද ලොවට ඉදිරිපත් කර ඇති චීනය, චන්ද්‍රයාගේ සාම්පල පිළිබඳ පර්යේෂණ සඳහා විවිධ රටවල විද්වතුන් සහභාගි කරවා ගැනීමට ද අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය 28 වැනිදා ඇමරිකානු ජාතික අභ්‍යවකාශ දෙපාර්තමේන්තු ප්‍රකාශකයා කළ ප්‍රකාශයකට
ප්‍රතිචාර දක්වමින්, අද (02) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මෙම අදහස් පළ කළා.

චීනය, සඳේ අඳුරු ප්‍රදේශයෙන් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුමේ දී ප්‍රංශය, ඉතාලිය, පාකිස්ථානය හා යුරෝපා අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව සමග සහයෝගිතා පවත්වා ඇතත්, ඒ සඳහා ඇමරිකාවේ NASA ආයතනයේ සහභාගි කර නොගත් බව ඇමරිකානු ජාතික අභ්‍යවකාශ දෙපාර්තමේන්තු ප්‍රකාශකයා පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් මාඕ නින්ග් (Mao Ning) කියාසිටියේ, NASA ආයතනය සහ ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලයේ සම්බන්ධීකරණ යටතේ සිදු කෙරෙන චීන – ඇමරිකානු ඒකාබද්ධ විද්‍යා හා තාක්ෂණ ක්‍රියාකාරකම් තහනම් කිරීමේ ඇමරිකානු පනත ඔවුන්ට අමතක වී මෙවැනි චෝදනා එල්ල කරන බවයි.

මේ පනත හේතුවෙන් චීනය සමග අභ්‍යවකාශ සහයෝගිතා පැවැත්වීමට ඇමරිකාවේ විද්‍යාඥයන්ට හා ආයතනවලට ද අවසර හිමි ව නැති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07