logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

චීන – අමෙරිකාව අභ්‍යවකාශ හුවමාරුව ගැන විවෘත ස්ථාවරයක්

චීන – අමෙරිකා අභ්‍යවකාශ හුවමාරු හා සහයෝගීතාව පිළිබඳ ව විවෘත ස්ථාවරයක් දරන බව චීනය
පවසනවා.

‘චැන්ග් ඊ 6’ මෙහෙයුමෙන් පසුව අභ්‍යවකාශ සහයෝගීතා පිළිබඳ ඇරයුමක් ද ලොවට ඉදිරිපත් කර ඇති චීනය, චන්ද්‍රයාගේ සාම්පල පිළිබඳ පර්යේෂණ සඳහා විවිධ රටවල විද්වතුන් සහභාගි කරවා ගැනීමට ද අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය 28 වැනිදා ඇමරිකානු ජාතික අභ්‍යවකාශ දෙපාර්තමේන්තු ප්‍රකාශකයා කළ ප්‍රකාශයකට
ප්‍රතිචාර දක්වමින්, අද (02) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මෙම අදහස් පළ කළා.

චීනය, සඳේ අඳුරු ප්‍රදේශයෙන් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුමේ දී ප්‍රංශය, ඉතාලිය, පාකිස්ථානය හා යුරෝපා අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව සමග සහයෝගිතා පවත්වා ඇතත්, ඒ සඳහා ඇමරිකාවේ NASA ආයතනයේ සහභාගි කර නොගත් බව ඇමරිකානු ජාතික අභ්‍යවකාශ දෙපාර්තමේන්තු ප්‍රකාශකයා පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් මාඕ නින්ග් (Mao Ning) කියාසිටියේ, NASA ආයතනය සහ ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලයේ සම්බන්ධීකරණ යටතේ සිදු කෙරෙන චීන – ඇමරිකානු ඒකාබද්ධ විද්‍යා හා තාක්ෂණ ක්‍රියාකාරකම් තහනම් කිරීමේ ඇමරිකානු පනත ඔවුන්ට අමතක වී මෙවැනි චෝදනා එල්ල කරන බවයි.

මේ පනත හේතුවෙන් චීනය සමග අභ්‍යවකාශ සහයෝගිතා පැවැත්වීමට ඇමරිකාවේ විද්‍යාඥයන්ට හා ආයතනවලට ද අවසර හිමි ව නැති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"එළඹෙන 09 ගුරුවරු විදුහල්පතිවරු අසනීපයි"
06:14
Video thumbnail
මල් කැකුළක් බිළි ගන්නට පෙර අවාධානය යොමු කළොත් නරකද?
02:54
Video thumbnail
බන්දුලත් විවාදයකට ආරාධනා කරයි...
02:50
Video thumbnail
සජිත්ගේ සක්වළට හිත රිදුන බන්දුල...#bandulagunawardana
01:57
Video thumbnail
වත්මන් ආර්ථික ප්‍රවණතාව -මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව
01:27:15
Video thumbnail
ජයඝෝෂා මැද ජනාධිපතිවරයාගේ පැමිණීම
01:32
Video thumbnail
රට ගොඩගන්න විදිය සජිත් කියද්දී මයික් එක ගැලවිලා අතට ආවේ මෙහෙමයි...#sajithpremadasa #sakwala
02:55
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
01:43:35
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-06| Dasatha News
35:46
Video thumbnail
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැටුපට වෙන්න යනදේ මෙන්න...
03:26

?