රටේ බහුතර ජනතාවට ඇති අයිතියක් ගැන මහින්ද කියයි (වීඩියෝ)

බහුතරයේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය වුව ද ජනතා අපේක්ෂා ඉටු නොවන අවස්ථාවල දී ඊට අභියෝග කිරීමට රටේ බහුතර ජනතාවට අයිතියක් ඇතැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. 

‘පියවරක් ඉදිරියෙන් – ජනතා එකමුතුව’ යන මැයෙන් පැවැත්වූ වැඩ මුළුවකට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මෙම අදහස් පළ කළා.