විවාහවීම ප්‍රතික්ෂේප කළ පෙම්වතාගේ ලිංගේන්ද්‍රය කපලා – දොස්තර පෙම්වතිය අත්අඩංගුවට

සිය ප්‍රේමවන්තයාගේ ලිංගේන්ද්‍රය කපා දැමූ වෛද්‍යවරියක් සම්බන්ධ පුවතක් අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මොවුන් දෙදෙනා අතර වසර දෙකක පමණ කාලයක් පැවති ප්‍රේම සම්බන්ධයකින් පසු පෙම්වතා විසින් විවාහවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරිය විසින් විවාහවීමට පෙම්වතාට කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව ඇය මෙලෙස එම පුද්ගලයාගේ ලිංගේන්ද්‍රය කපා දමා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී ලේ තැවරුණු පිහියක් ද සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (01) සිදු වූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

26 හැවිරිදි මෙම වෛද්‍යවරිය 30 හැවිරිදි තරුණයා සමඟ සබඳතාව පැවැත් වූ කාලය තුළ විවාහ කරගන්නා මුවාවෙන් තමාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇය චෝදනා කර සිටිනවා.

පෙම්වතා විසින් විවාහවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තමන් දැඩි ලෙස මානසික වේදනාවෙන් පෙළුණු බැවින් ඔහුව තම සායනයට කැඳවා පහර දුන් බවත් එම වෛද්‍යවරිය පවසා තිබෙනවා.

පසුව ඔහුට ඖෂධයක් එන්නත් කර ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා දැමීමට කටයුතු කළ බව ඇය පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

එමෙන්ම සිය පෙම්වතාගේ පෙරැත්තය මත තමන් ගබ්සා කිරීම් දෙකක් ද සිදුකළ බවයි ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
54
+1
5
+1
10
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44