AFC Banner
Empty Ad
Empty Ad

විවාහවීම ප්‍රතික්ෂේප කළ පෙම්වතාගේ ලිංගේන්ද්‍රය කපලා – දොස්තර පෙම්වතිය අත්අඩංගුවට

සිය ප්‍රේමවන්තයාගේ ලිංගේන්ද්‍රය කපා දැමූ වෛද්‍යවරියක් සම්බන්ධ පුවතක් අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මොවුන් දෙදෙනා අතර වසර දෙකක පමණ කාලයක් පැවති ප්‍රේම සම්බන්ධයකින් පසු පෙම්වතා විසින් විවාහවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරිය විසින් විවාහවීමට පෙම්වතාට කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව ඇය මෙලෙස එම පුද්ගලයාගේ ලිංගේන්ද්‍රය කපා දමා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී ලේ තැවරුණු පිහියක් ද සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (01) සිදු වූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

26 හැවිරිදි මෙම වෛද්‍යවරිය 30 හැවිරිදි තරුණයා සමඟ සබඳතාව පැවැත් වූ කාලය තුළ විවාහ කරගන්නා මුවාවෙන් තමාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇය චෝදනා කර සිටිනවා.

පෙම්වතා විසින් විවාහවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තමන් දැඩි ලෙස මානසික වේදනාවෙන් පෙළුණු බැවින් ඔහුව තම සායනයට කැඳවා පහර දුන් බවත් එම වෛද්‍යවරිය පවසා තිබෙනවා.

පසුව ඔහුට ඖෂධයක් එන්නත් කර ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා දැමීමට කටයුතු කළ බව ඇය පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

එමෙන්ම සිය පෙම්වතාගේ පෙරැත්තය මත තමන් ගබ්සා කිරීම් දෙකක් ද සිදුකළ බවයි ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
54
+1
5
+1
10
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51

?