AFC Banner
Empty Ad
Empty Ad

මහරගම මහජන පොළ ඉදිරිපිට පිහි ඇනුමක් – සැකකරු STF අත්අඩංගුවට

මහරගම මහජන පොළ ඉදිරිපිට දී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කළ අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඊයේ (29) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මහරගම මහජන පොළ ඉදිරිපිට වැටලීමකට ගොස් තිබෙනවා.

එහිදී මහජන පොළේ ප්‍ර‍ධාන පිවිසුම ආසන්නයේ පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට පිහි ප්‍රහාරයක් එල්ල කරන ආකාරය විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ නිරීක්ෂණය ලක්ව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සමඟ පොරබදා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ඔහු අල්ලා ගෙන තිබෙනවා.

එලෙස අල්ලාගත් සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මත්කරල් සහ පිහි ඇනුම සිදුකළ පිහිය ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මහරගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පිහි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ප්‍ර‍ථිකාර සදහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?