මහරගම මහජන පොළ ඉදිරිපිට පිහි ඇනුමක් – සැකකරු STF අත්අඩංගුවට

මහරගම මහජන පොළ ඉදිරිපිට දී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කළ අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඊයේ (29) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මහරගම මහජන පොළ ඉදිරිපිට වැටලීමකට ගොස් තිබෙනවා.

එහිදී මහජන පොළේ ප්‍ර‍ධාන පිවිසුම ආසන්නයේ පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට පිහි ප්‍රහාරයක් එල්ල කරන ආකාරය විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ නිරීක්ෂණය ලක්ව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සමඟ පොරබදා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ඔහු අල්ලා ගෙන තිබෙනවා.

එලෙස අල්ලාගත් සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මත්කරල් සහ පිහි ඇනුම සිදුකළ පිහිය ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මහරගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පිහි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ප්‍ර‍ථිකාර සදහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56