AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දියානුවෝ 20-20 ලෝක කුසලානයේ පහස විඳගනී

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගන්නට ඉන්දීය කණ්ඩායම අද (29) රාත්‍රියේ සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවති අවසන් මහා තරගයේ දී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින්.

ඉන්දීය කණ්ඩායම සිය දෙවන 20-20 ලෝක කුසලානය මෙලෙස ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.

බ්‍රිජ්ටවුන් හි කෙන්සින් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 176ක් රැස් කළා.

අනතුරුව ඉන්දියාවෙන් හිමි වූ ලකුණු 177ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 169ක් පමණයි.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම 2024 20-20 ලෝක කුසලානය තමන් සතුකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?