දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දියානුවෝ 20-20 ලෝක කුසලානයේ පහස විඳගනී

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගන්නට ඉන්දීය කණ්ඩායම අද (29) රාත්‍රියේ සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවති අවසන් මහා තරගයේ දී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින්.

ඉන්දීය කණ්ඩායම සිය දෙවන 20-20 ලෝක කුසලානය මෙලෙස ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.

බ්‍රිජ්ටවුන් හි කෙන්සින් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 176ක් රැස් කළා.

අනතුරුව ඉන්දියාවෙන් හිමි වූ ලකුණු 177ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 169ක් පමණයි.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම 2024 20-20 ලෝක කුසලානය තමන් සතුකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06