20-20 ලෝක කුසලානයේ අවසන් මහා සංග්‍රාමය අද රාත්‍රියේ

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා සංග්‍රාමය අද (29) රාත්‍රියේ පැවැත්වෙනවා.

බාර්බඩෝස් හි බ්‍රිජ්ටවුන් හිදී මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන අතර, අවසන් මහා තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තමන් සහභාගී වූ සියලු තරග ජයග්‍රහණය කර අපරාජිතයින් ලෙස අවසන් මහා තරගය සඳහා පැමිණ සිටීම ද විශේෂත්වයක්.

20-20 ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයක් සදහා ක්‍රීඩාකරන තුන්වන අවස්ථාව මෙය වන අතර, මීට වසර 10කට පෙර එනම් 2014 වසරේ දී ඉන්දියාව 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා අවසන් වරට ක්‍රීඩා කරනු ලැබුවා.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා එක්වන්නේ පළමුවරට වීම ද විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලානය පැවැත්වීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කටයුතු කර තිබුණා.

අද පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වන අතර, මෙවර 20-20 ලෝක ශූරතාවයේ ජයග්‍රාහකයින් කවුරුන් ද යන්න දැකබලා ගැනීම සඳහා ලොවපුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අද රාත්‍රියේ නොනිදා බලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00