logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

නව විදුලිබල පනතට අත්සන් තබයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ, නව විදුලිබල පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබනු ලැබුවා.

ඒ අනුව, නව පනත ඊයේ දින සිට ක්‍රියාත්මක බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීම හා නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආරම්භ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ මෙම පනත මගින් විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු රටට අවාසි වගන්ති කිහිපයක් ඇතුළත් කර ඇති බවට විදුලිබල වෘත්තීය සමිති එල්ල කළ විරෝධතා මධ්‍යයේයි.

මෙවන් පසුබිමක අදාළ විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින්, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව කථානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බව, පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය සභාවට ඉදිරිපත් කරමින් කතානායකවරයා පසුගිය 04 වැනිදා පුකාශ කළා.

අනතුරුව, පැවති කාරක සභා අවස්ථාවේ දී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට අදාළ ව සංශෝධන එක් කිරීමෙන් අනතුරුව, එම පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත කළ අතර එම පනතට කතානායකවරයා ඊයේ දිනයේ
අත්සන් තබා තිබුණා.

ඒ අනුව, ඊයේ දිනයේ සිට අදාළ පනත් කෙටුම්පත මෙරට තුළ බලාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
00:08
Video thumbnail
PRAHARAYA | පා.ම. විමලවීර දිසානායක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
නොසිතූ මොහොතක නෙළුම් කුළුනට ආපු දෙන්නෙක්ට වුණ අරුම පුදුම වැඩේ #louts #louts_towers
04:20
Video thumbnail
ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ ප්‍රා.ලේකම්වරියට අන්තිමට වෙන්න යන දේ
02:23
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-02|
01:08:06
Video thumbnail
"ජනපතිගේ විශේෂ ඇරයුම ලද පිරිස මෙන්න"
01:53
Video thumbnail
ආර්. සම්පන්දන් ‌ට අවසන් ගෞරව දැකවූ ජනාධිපති...#ranilwickremesinghe
00:35
Video thumbnail
ප්‍රශ්න අහන්න ආ සජිත් වාඩිකළ රනිල්ගේ ප්‍රශ්නය
06:08
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-02 | Dasatha News
35:51
Video thumbnail
"මේ සැරේනම් මාලිමාවට" - "ගෝඨාභය රාජපක්ෂගෙ මෝඩ තකතීරු තීන්දුව මෙන්න" #anurakumara #akd #AKD
14:30

?