AFC Banner
Empty Ad
Empty Ad

ලෝක වාර්තාවක් තැබූ තුන් හැවිරිදි වීරයා

ලොව ඉහළම ධාරණ ශක්තියක් ඇති දරුවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් ව තිබෙනවා.

වයස අවුරුදු 03ක් වන මෙම දරුවා පදිංචි ව සිටින්නේ ගම්පහ – හුණුපිටිය ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.

නමින් මොහොමඩ් ශම්ලාන් නමැති මෙම කුඩා දරුවා ‘Peoples Helping Peoples Foundation’ සමග චෝලන් ලෝක වාර්තා පොත් සමාගම එක්ව සංවිධානය කරන ලද ලෝක වාර්තා වැඩසටහනට සම්බන්ධ වී ඉන් ජයග්‍රහණය කර තිබෙනවා.

මෙම ලෝක වාර්තාව තැබීමේ දී සලකා බලා ඇත්තේ විවිධ අංක, මල්, පලතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරගයින්, කෘමීන්, මත්ස්‍යයින්, සිංහල, ඉංග්‍රීසි, අරාබි භාෂා අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප්‍රසිද්ධ කුළුණු, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්, ජාතික ක්‍රීඩකයින්, ආහාර ද්‍රව්‍ය සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය ඇතුළු පින්තූර 1098ක නම් හඳුනාගෙන කටපාඩම් කිරීමයි.

මෙම වර්ගීකරණයන් මැනවින් කටපාඩම් කළ ‘ෂම්ලාන්ගේ’ නාමය මෙලෙස චෝලන් ලෝක වාර්තා පොතේ සටහන් වූයේ ලොව ඉහළතම ධාරණ ශක්තියක් පිරි දරුවා ලෙසට බවත් වාර්තා වනවා.

මොහොමඩ් ෂාබාන් සහ ෆාතිමා ඉබාසාගේ පුත් ‘මොහොමඩ් ෂම්ලාන්’

චෝලන් ලෝක වාර්තා පොත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා සහ මහනුවර දිස්ත්‍රික්කයේ උප සභාපති චන්ද්‍රමෝහන් යන මහත්වරු මෙම වැඩසටහනේ විනිසුරුවන් ලෙස කටයුතු කළා.

ජයග්‍රහාකයාට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදාන උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වුණු අතර ‘ෂම්ලාන්ගේ’ ලෝක වාර්තාව එහි ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔහුට විනිසුරුවරුන් විසින් රාමුගත සහතිකයක්, රන් පදක්කමක්, සමරු ඵලකයක් සහ හැඳුනුම්පතක් ද පිරිනමා තිබෙනවා.

මෙම චෝලන් ලෝක වාර්තා වැඩසටහන සඳහා කැලණිය ප්‍රදේශයේ ග්‍රාම පරිපාලන නිලධාරී සුනිල් ශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජමියතුල් උලමා අල් හජ් නුහුමාන් ඉනාමි යන මහත්වරු ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
5
+1
119
+1
11
+1
3
+1
8
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News - තව පැය 48කින් බළ පෙරළියක් #sjb #unp #npp #brekingnews
Video thumbnail
බෙරිහන් දීපු හරීන් - සජබය සමග දීගෙක - මේ මිනිස්සු කටින්ද මේ කතා කරන්නේ ?#harinfernando #sjb
04:04
Video thumbnail
සජබ මුල් පුටු රැසක් කනපිට ගසයි #sajithpremadasa
01:25
Video thumbnail
පොලීසියේ ඩියුටිය ඉල්ලුවේ - දැන් පුළුවන් හොරු අල්ලන්න - මාලිමාවට සුළුතර බලයක් දෙන්න
02:20
Video thumbnail
🛑Breaking News - රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදීසියේ සියළු දෙනා රැස්වෙයි #brekingnews #ranil
01:54
Video thumbnail
අනුර කුමාර කියන්නේ හොඳ කතිකයෙක් - විනාඩි 10ක් විතර කොළයක් බලාගෙන මොනවද ඒ කරේඑ#akd #sjb
02:07
Video thumbnail
කාළගුණය කැළඹෙයි - අකුණු අවධානමකුත් - අවධානයෙන් ඉන්න #whether #badweather
01:49
Video thumbnail
තාඹුගල අධිකරණය ඉදිරියේ සංවේදී වී කිව්ව කතාව...
02:33
Video thumbnail
අවුරුදු අසූදාහකට පසු - වල්ගාතරුවක් අද දිස්වෙයි #comet
02:19
Video thumbnail
අධිකරණයට අපු තාඹුගල මාධ්‍ය සමග ගැටෙයි...
02:01

?