AFC Banner
Empty Ad
Empty Ad

ගසක් කඩා වැටී ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට (ඡායාරූප)

විශාල මාර ගසක් කඩා වැටීමෙන් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද (23) පෙරවරුවේ සිට බාධා එල්ල වී තිබුණා.

උඩරට දුම්රිය මාර්ගයේ ඉඟුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි පෙන්රෝස් ප්‍රදේශයේ දී අද (23) අලුයම කාලයේ මෙලෙස විශාල මාර ගස කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ සියළුම දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයෙන් ද, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ ද නතරකර තිබුණා.

නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් කපා ඉවත්කළ ගස දුම්රිය එන්ජිමක් උපයෝගී කරගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

ඒ, අනුව මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

12
9
11 1
8
7
6 1
5 2
3 1
2 4
1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?