මීපේ කර්මාන්තශාලාවක පිපිරීමක් – සේවකයින් තිදෙනෙක් රෝහලේ

හෝමාගම, මීපේ ප්‍රදේශයේ කර්මාන්තශාලාවක අද (30) පෙරවරුවේ සිදු වූ පිපිරීමකින් එහි සේවකයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ එම සේවකයින් තිදෙනා හෝමගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි පාදුක්ක පොලිසිය සඳහන් කළේ.
මෙම පිපිරීමෙන් අසල පිහිටි නිවසකට ආලභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කර්මාන්ත ශාලාවේ ලිහිසි තෙල් ගබඩා කිරීම සඳහා වෙන්දේසියකින් මිලදී ගත් ඉන්ධන පිරවුම්හලකින් ඉවත් කරන ලද ටැංකියක් එහි තිබූ ඉන්ධන ඉවත් නොකර ගෑස් මගින් කපා සකස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.