ගසක් කඩා වැටී ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට (ඡායාරූප)

විශාල මාර ගසක් කඩා වැටීමෙන් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද (23) පෙරවරුවේ සිට බාධා එල්ල වී තිබුණා.

උඩරට දුම්රිය මාර්ගයේ ඉඟුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි පෙන්රෝස් ප්‍රදේශයේ දී අද (23) අලුයම කාලයේ මෙලෙස විශාල මාර ගස කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ සියළුම දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයෙන් ද, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ ද නතරකර තිබුණා.

නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් කපා ඉවත්කළ ගස දුම්රිය එන්ජිමක් උපයෝගී කරගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

ඒ, අනුව මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

12
9
11 1
8
7
6 1
5 2
3 1
2 4
1 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08