රට කාර්මික අංශයෙන් ඉදිරියට ගෙනියන හැටි ජනපති කියයි

ඉදිරියේ දී මෙරට තුළ කාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා සැලසුම් රැසක් වත්මන් ආණ්ඩුව සතුව පවතින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පැමිණ සිටි පිරිස අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ජනාධිපතිවරයා පැවසුවේ ණයදෙන රාජ්‍යයන් සමග කාර්මික අංශයේ දියුණුව වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම මෙරට සංවර්ධනය වෙනුවෙන් ගැනීමට ඉදිරියේ දී සාකච්ඡා පවත්වන බවයි.

තරගකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ ‘එන්ටර්ප්‍රයිස්’ ශ්‍රී ලංකා නම් ආයතනයක් නිර්මාණය කිරීම මෙම සැලසුම් අතර වනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවා.

‘අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේ දී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන තැනක් හිමි වෙනවා.එහිදී නිර්මාණය වන ආර්ථිකය තරගකාරී මෙන් ම ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි.ඒ වගේම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථිකයක් බවට ද අප පරිවර්තනය විය යුතුව තිබෙනවා.

මෙම රාමුව තුළ අප කටයුතු කළයුතුයි.එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත එම සැලසුම් ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි. එක රැයකින් කිසිවෙකුට තරගකාරිත්වයක් ඇති කරන්න බැහැ. අපේ අසල්වාසි රට වන ඉන්දියාවේ මේ වන විට විශාල කර්මාන්ත දියුණුවක් සිදු වෙමින් තිබෙනවා. තමිල්නාඩු, තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශවල එම දියුණුව ඇති ව තිබෙනවා. අපත් ඒ සමග සම්බන්ධ විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ හා සම්බන්ධ ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමු ව සිදු කළ යුත්තේ කර්මාන්ත තරගකාරී තත්ත්වයට ගෙන ඒමයි. ඒ පිළිබඳ රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46