AFC Banner
Empty Ad
Empty Ad

කුලී නිවාස සඳහා අලුත් බද්දක්

ලබන වසරේ අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා.

මෙරට රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත්කර ඇති බව සඳහන්.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වාදීම ඉතා වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම නව බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කරගෙන ඇති බවයි IMF සවිස්තරාත්මක වාර්තාවේ දැක්වෙන්නේ.

නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබා දී ඇති අවස්ථාවක එම හිමිකරුවට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීම ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනුවෙන් හඳුන්වා දී තිබෙනවා.

මෙම බද්ද කුලියට ලබා දී ඇති නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබෙන අදායම මත අයකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
42
+1
110
+1
15
+1
24
+1
14
+1
205
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?