Indian Premier League

ලංකාවට එරෙහි ව යුද අපරාධ සාක්ෂි එකතු කිරීමට බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා

බෙදුම්වාදී යුද්ධයේ දී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුද අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහි ව යුද අපරාධ සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති සරත් වීරසේකර පවසනවා.

සභාපතිවරයා මේ බව පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා (05) රැස් වූ අවස්ථාවේ දී යි.

මෙරට පැවති බෙදුම්වාදී යුද්ධයේ දී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුද අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහි ව යුද අපරාධ සම්බන්ධ ව සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් අවුරුදු 2ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවා හි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති බවයි වීරසේකර මහතා පෙන්වා දුන්නේ.

එම යාන්ත්‍රණය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ මෙරට හමුදා නායකයන්ට එරෙහි ව සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් සතු ව ඇති බවයි.

මෙලෙස යුද අපරාධ සිදු කරන ලදැයි සාක්ෂි ලැබී ඇති මෙරට හමුදා නායකයන්ට එරෙහි ව සර්ව ලෝක අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීම සඳහා දැනට රටවල් කිහිපයක් ඒකාබද්ධ ව කටයුතු කරමින් පවතින බවත් ඊට අවශ්‍ය කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතින බව ද සභාපතිවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?