පාළුවට ගිය විහාරස්ථානයක නිධන් සෙවූ හයක් කොටුවෙයි

නීතිවිරෝධීව පුරාණ විහාරස්ථානයක කැණීම් කටයුතු කළ පුද්ගලයින් සයදෙනෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ මෙම සැකකරුවන් එක් ව වීරවිල ශ්‍රී සම්බෝධී පුරාණ විහාරයේ ගල්කන්ද – වීරවිල ප්‍රදේශයේ දී යි මෙම කැණීම් සිදු කරමින් සිට ඇත්තේ.

එහි දී අවසරයක් නොමැති ව පුරාවස්තු කැණිම් කරමින් සිටි නොටාල්පිටිය, කෑගල්ල, බණ්ඩාරගම, වීරවිල, කොස්ගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 46 සහ 59 අතර පසුවල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

පුරාවස්තු කැණිම් කිරීමට භාවිතා කළ පුජා භාණ්ඩ ද සමග සැකකරුවන් ව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ මෙම විහාරස්ථානයේ හිමිනම ද මේ වන විට විහාරස්ථානය හැර ගොස් ඇති අතර මීට පෙර අවස්ථාවන් හි දී ද විහාරස්ථානයේ නිධන් හෑරීම් සිදු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?