AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය වේග පන්දු බලඇණිය අමෙරිකානු පිතිකරුවන් ව අසරණ කරති

මෙවර T20 ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් තෙවැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත් වුණා.

A කාණ්ඩය යටතේ තරග වදින ඉන්දීය කණ්ඩායම තම ජයග්‍රාහී අණසක යළි යළිත් ඊයේ දිනයේ දී මතු කළේ අමරිකාවට එරෙහිවයි.

තරගය නිව් යෝර්ක් හි දී ආරම්භ වූයේ මෙරට වේලාවෙන් රාත්‍රී 08ට වන අතර තරගයේ කාසියේ වාසියේ ජය ද ඉන්දීය නායක රෝහිත් ෂර්මා විසින් දිනාගනු ලැබුවා.

නායක ෂර්මාගේ තීරණය වූයේ පළමු ව පන්දු යැවීම තෝරා ගැනීමයි.

ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් අමරිකාව පළමු ව පිත්ත අතට ගත්තේ ඉන්දීය කණ්ඩායමට සිය මව් රටේ දී පරාජයක් උරුම කරදීමේ අරමුණින් වුව ද එය සිතූ තරම් සාර්ථක වූයේ නැහැ.

ඉන්දීය වේග පන්දු බල ඇණිය අබියස පිත්ත අඩපණ වූ අමරිකානුවන්ට පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110ක් පමණයි.

දැඩි පීඩනයක් සිය පන්දුවෙන් ලබාදෙමින් ඉන්දීය වේග පන්දු ක්‍රීඩක අර්ෂදීප් සින්ග් විසින් අමරිකානු පිතිකරුවන්ගෙන් ලකුණු 09ක් තුළ කඩුලු 04ක් උදුරා ගනු ලැබුවා.

හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 02ක් සහ අක්සාර් පටෙල් එක් කඩුල්ලකට හිමිකම් කිව්වා.

අමරිකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ නිටිෂ් කුමාර් (27) සහ ස්ටීවන් ටේලර් (24) පමණයි.

පන්දු 120ක් තුළ ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් තරගය ජය ගත්තේ පන්දු වාර 18ක් අවසන් වීමට පෙර යි.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04කට වගකියූ අර්ෂදීප් සින්ග් විසින් දිනාගනු ලැබුවා.

මෙම ජයත් සමග ඉන්දීය කණ්ඩායම අපරාජිත ව ප්‍රසාද ලකුණු 06ක් සමග A කාණ්ඩයෙන් පෙරමුණ ගෙන ඇති අතර පැවති තරග තුනෙන් දෙකක් පමණක් ජයගෙන අමෙරිකාව ඉන්දියාවට පිටුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?