ඉන්දීය වේග පන්දු බලඇණිය අමෙරිකානු පිතිකරුවන් ව අසරණ කරති

මෙවර T20 ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් තෙවැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත් වුණා.

A කාණ්ඩය යටතේ තරග වදින ඉන්දීය කණ්ඩායම තම ජයග්‍රාහී අණසක යළි යළිත් ඊයේ දිනයේ දී මතු කළේ අමරිකාවට එරෙහිවයි.

තරගය නිව් යෝර්ක් හි දී ආරම්භ වූයේ මෙරට වේලාවෙන් රාත්‍රී 08ට වන අතර තරගයේ කාසියේ වාසියේ ජය ද ඉන්දීය නායක රෝහිත් ෂර්මා විසින් දිනාගනු ලැබුවා.

නායක ෂර්මාගේ තීරණය වූයේ පළමු ව පන්දු යැවීම තෝරා ගැනීමයි.

ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් අමරිකාව පළමු ව පිත්ත අතට ගත්තේ ඉන්දීය කණ්ඩායමට සිය මව් රටේ දී පරාජයක් උරුම කරදීමේ අරමුණින් වුව ද එය සිතූ තරම් සාර්ථක වූයේ නැහැ.

ඉන්දීය වේග පන්දු බල ඇණිය අබියස පිත්ත අඩපණ වූ අමරිකානුවන්ට පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110ක් පමණයි.

දැඩි පීඩනයක් සිය පන්දුවෙන් ලබාදෙමින් ඉන්දීය වේග පන්දු ක්‍රීඩක අර්ෂදීප් සින්ග් විසින් අමරිකානු පිතිකරුවන්ගෙන් ලකුණු 09ක් තුළ කඩුලු 04ක් උදුරා ගනු ලැබුවා.

හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 02ක් සහ අක්සාර් පටෙල් එක් කඩුල්ලකට හිමිකම් කිව්වා.

අමරිකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ නිටිෂ් කුමාර් (27) සහ ස්ටීවන් ටේලර් (24) පමණයි.

පන්දු 120ක් තුළ ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් තරගය ජය ගත්තේ පන්දු වාර 18ක් අවසන් වීමට පෙර යි.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04කට වගකියූ අර්ෂදීප් සින්ග් විසින් දිනාගනු ලැබුවා.

මෙම ජයත් සමග ඉන්දීය කණ්ඩායම අපරාජිත ව ප්‍රසාද ලකුණු 06ක් සමග A කාණ්ඩයෙන් පෙරමුණ ගෙන ඇති අතර පැවති තරග තුනෙන් දෙකක් පමණක් ජයගෙන අමෙරිකාව ඉන්දියාවට පිටුපසින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03