ප්‍රබල පාකිස්ථානය පරදා ඇමරිකාවට ඓතිහාසික ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් වුණා.

පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරගය ඇමරිකානු කණ්ඩායම ජයගත්තේ සුපිරි පන්දුවාරයේ දීයි.

ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇමරිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථානට ආරාධනා කළා.

එහිදී පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් ලකුණු පුවරුවට එක් කළා.

පාකිස්ථානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 44ක් සහ ෂඩාබ් ඛාන් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමඟ තරගයේ ලකුණු තත්ත්වය සම වුණා.

ඒ, අනුව මෙම තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් දක්වා එය රැගෙන යාමටයි සිදුවුණේ.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇමරිකාව කණ්ඩායම නියමිත පන්දු 06 තුළ ලකුණු 18ක් රැස් කළා.

අනතුරුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 19ක ඉලක්කය හඹා ගිය පාකිස්ථාන ක්‍රීඩකයින්ට සුපිරි පන්දු වාරයේ දී එක් කඩුල්ලක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

ඒ,අනුව ඇමරිකා කණ්ඩායම, පාකිස්ථාන කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී ලකුණු 05ක් පරදා ඉතිහාසයේ පළමුවරට විස්ස්සයි විස්ස ඓතිහාසික තරග ජයක් හිමි කරගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33