උ.පෙළ විභාගය ජීවිතයේ ඉදිරි ගමන සම්පූර්ණයෙන් ම තීරණය කරන්නක් නෙවෙයි (වීඩියෝ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම තීරණය කරන්නක් නොවන බවත් එය ජීවිතයේ තවත් එක් කඩයිමක් පමණක් බවත් යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිඵල අඩු දරුවන් ධෛර්යමත් කිරීම දෙමව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් වගකීමක් බවයි.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (31) නිකුත් කරනු ලැබුවා.

එම විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන්.

පෞද්ගලික අයදුම්කරුවන් 40,556ක් ද මෙවර විභාගය සදහා පෙනී සිටියා .

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා සිසුවියටයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්.ඒ.චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ හිමිකර ගත්තා.

මේ අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා සිසුවිය විසින් හිමිකරගෙන ඇති අතර, වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි සිසුවිය හිමිකරගෙන තිබෙනවා.

ජීව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුළු සිහිල්දිය පල්ලියගුරු සිසුවා විසින් හිමිකර ගත්තා.

ඊයේ නිකුත් කෙරුණු ප්‍රතිඵල වලට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 173,444ක් සුදුසුකම් ලබා ඇති අතර, අපේක්ෂකයින් 190කගේ ප්‍රතිඵල අත්හිට වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

පාසල් විභාග ප්‍රතිඵල ලේඛන විදුල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන බව ද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22