උ.පෙළ විභාගය ජීවිතයේ ඉදිරි ගමන සම්පූර්ණයෙන් ම තීරණය කරන්නක් නෙවෙයි (වීඩියෝ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම තීරණය කරන්නක් නොවන බවත් එය ජීවිතයේ තවත් එක් කඩයිමක් පමණක් බවත් යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිඵල අඩු දරුවන් ධෛර්යමත් කිරීම දෙමව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් වගකීමක් බවයි.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (31) නිකුත් කරනු ලැබුවා.

එම විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන්.

පෞද්ගලික අයදුම්කරුවන් 40,556ක් ද මෙවර විභාගය සදහා පෙනී සිටියා .

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා සිසුවියටයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්.ඒ.චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ හිමිකර ගත්තා.

මේ අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා සිසුවිය විසින් හිමිකරගෙන ඇති අතර, වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි සිසුවිය හිමිකරගෙන තිබෙනවා.

ජීව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුළු සිහිල්දිය පල්ලියගුරු සිසුවා විසින් හිමිකර ගත්තා.

ඊයේ නිකුත් කෙරුණු ප්‍රතිඵල වලට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 173,444ක් සුදුසුකම් ලබා ඇති අතර, අපේක්ෂකයින් 190කගේ ප්‍රතිඵල අත්හිට වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

පාසල් විභාග ප්‍රතිඵල ලේඛන විදුල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන බව ද ඔහු කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19