කළුතර වටේම පෙති බෙදූ ‘පෙති රුකා’ අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට කළුතර සහ ඒ අවට ප්‍රදේශ රැසකටම මත්කරල් ජාවාරමේ නිරත වූ ‘පෙති රුකා’ නමින් හඳුන්වන සැකකරුවෙක් කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර තොටුපළ පාරේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බාල වයස්කරුවන් සහ උපකාරක පංතිවලට සහභාගී වන සිසුන් හා විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඉලක්ක කරගෙන සැකකරු මෙම මත්පෙති ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී මත්කරල් 400 කට ආසන්න ප්‍රමාණයක් සහ කේරල ගංජා ග්‍රෑම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරු මීට පෙර ද මත්කරල් හා මත්පෙති ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින ලේඛනගත සැකකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 29ක් වන මෙම සැකකරු අද (17) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40