A 09 මාර්ගයේ මඩාටුගම අනතුරකින් තරුණ ජීවිත දෙකක් අහිමිවෙයි (ඡායාරූප)

මහනුවර – යාපනය ඒ 09 මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී ඊයේ (12) සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 සහ 31 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක් බවයි මඩාටුගම පොලිසිය පැවසුවේ.

අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් සහ තරුණයින් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථය එම දෙසටම ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ බස් රථය ලොරි රථයේ ද ගැටීමෙන් පසු මාර්ගයෙන් ඉවතට පැන අසළ වෙල්යායකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා දඹුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් වරයා හමුවට ඊයේ (12) ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

මියගිය තරුණයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (13) දින දඹුල්ල රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

මේ අතර අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ත්‍රිරෝද රථයකින් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ දී කිසියම් පුද්ගලයෙක් කරන ලද දැනුම්දීමකට අනුව සුවසැරිය ගිලන් රථයක් ද පැමිණ තිබෙනවා.

ඒ, අනුව බුලාගල ප්‍රදේශයේ දී තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා ගිලන් රථය වෙත මාරු කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී බරපතළ තත්ත්වයේ සිටි එක් තරුණයෙක් මිය ගොස් ඇති බව පවසා ගිලන් රථයේ සේවක පිරිස විසින් එම තරුණයා මහමඟ දමා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකව ඇති මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ජීප් රථයකින් එම තරුණයා ද කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එම තරුණයින් දෙදෙනාට මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිත අහිමි වුණා.

WhatsApp Image 2024 05 12 at 8.09.25 PM 1
WhatsApp Image 2024 05 12 at 8.09.25 PM
WhatsApp Image 2024 05 12 at 8.09.23 PM
WhatsApp Image 2024 05 12 at 8.09.22 PM
WhatsApp Image 2024 05 12 at 8.09.21 PM 1
WhatsApp Image 2024 05 12 at 8.09.21 PM
WhatsApp Image 2024 05 12 at 8.09.19 PM 1
WhatsApp Image 2024 05 12 at 8.09.19 PM
WhatsApp Image 2024 05 12 at 8.09.18 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
18
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?