ජනපති රනිල්ට ආසියානු සංවර්ධන බැංකු සභාපතිගෙන් ප්‍රශංසා

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුවේ දී ආර්ථිකයේ ලබාගෙන ඇති ප්‍රගතිය හා රාජ්‍ය පාලන විනිශ්චය වාර්තාවට සමගාමීව ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ රජයට සභාපතිවරයා ප්‍රශංසා කර ඇති බව සඳහන්.

ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය ලබාගැනීම, රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව එහි දී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ කැපවීම සභාපතිවරයා එහිදී යළි අවධාරණය කර සිටියා.

මේ අතර චීනයේ උප මුදල් අමාත්‍ය ලියාඕ මින් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර ජෝර්ජියාවේ ටිබිලිසි හිදී පැවැත් වුණා.

මෙම සාකච්ඡාවේ දී චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී තිබෙනවා.

එමෙන්ම චීනය සෑම අතින්ම ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය ඉදිරියටත් ලබාදෙන බවයි චීන උප මුදල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?