ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පාසල් රැසකට අද (01) උදෑසන බෝම්බ අවදානමක් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.
එම පාසල්වල විද්‍යුත් තැපැල් ලිපිනයන් වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදන ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් එම පාසල්වලට උදෑසන පැමිණ සිටි සිසුන් වහාම නිවෙස් වෙත ආපසු යැවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ ගිනි නිවන හමුදාවේ නිලධාරීන් දිල්ලියේ පාසල් වෙත කඩිනමින් ගොස් ඇති අතර, සෝදිසි මෙහෙයුමක් මේ වනවිටත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
දිල්ලියේ පාසල් 100කට ආසන්න සංඛ්‍යාවකට මෙම බෝම්බ තර්ජනයේ අනතුරු අඟවීම ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
1
+1
+1




