ප්‍රීමා කොත්තු මී වෙතින් සැරට රසට කොරියානු රාමේන්

කටට රසට සැරට කැමති ශ්‍රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්‍රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නූඩ්ල්ස් සන්නාමයක් විසින් කොරියානු ආහාර වට්ටෝරුවක් වන රාමේන් සමඟ කුකුල් මස් රසය මුසු කළ Korean Ramen fiery chicken flavour හඳුන්වාදීම කැපී පෙනෙනවා.

කටට සැරට නූඩ්ල්ස් ආහාරයට ගැනීමට ප්‍රිය දෙස් විදෙස් රසවතුන් අමන්දානන්දයට පත් කළ ප්‍රීමා කොත්තු මී සන්නාමය විසින් හඳුන්වා දෙන නවතම රාමේන් රස පෙරළිය Korean Ramen fiery chicken flavour දෙගුණයක් වැඩි සැර රසයකින් යුක්ත වනවා.

රාමේන් යනු කොරියානු ආහාර සංස්කෘතියට අයත් සුවිශේෂී වට්ටෝරුවකට සකස් කෙරෙන පෙනුමෙන් හා රසයෙන් අද්විතීය වූ නූඩ්ල්ස් නිෂ්පාදනයකි. දෙගුණයක් වැඩි සැර රසයකින් යුක්ත ප්‍රීමා කොත්තු මී Korean Ramen fiery chicken flavour එම සැබෑ රාමේන් සැර රසය ශ්‍රී ලාංකිකයන් වෙත ඉදිරිපත්කොට තිබෙනවා.

ප්‍රීමා කොත්තු මී සන්නාමය යටතේ රාමේන් රසය හඳුන්වාදීම පිළිබඳ ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයට අයත් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින්. “ලොව පුරා හොට් ඇන්ඩ් ස්පයිසි රසයට ප්‍රිය කරන රසවතුන්ට කොරියන් රාමේන් හඳුන්වාදීම අලුත්ම රස අත්දැකීමක් වේවි යැයි අප විශ්වාස කරනවා.” යැයි පැවසුවා.

ප්‍රීමා කොත්තු මී වෙතින් මෑතකදී නිකුත් වූ නයි මිරිස් රසය එකතු කළ Prima KottuMee Nai Miris උණුසුම වෙළෙඳපොළේ පවතින අතරතුරදීම නිකුත්ව තිබෙන කොරියානු රාමේන් රස පෙරළිය ප්‍රීමා කොත්තු මී Korean Ramen fiery chicken flavour දිවයින පුරා තෝරාගත් වෙළෙඳසැල්වලින් මිලදීගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57