‘මෝල්ඩිවියන්ස්’ ගුවන් සේවය ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා අරඹයි

‘මෝල්ඩිවියන්ස්’ ගුවන් සේවය ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ඊයේ (25) දිනයේ සිට ආරම්භ කළා.

එම ගුවන් ගමන් සේවාව ආරම්භ කරමින් මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායකට ඊයේ (25) රාත්‍රි 09.55ට පළමු ගුවන් යානය පැමිණියා.

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය මෙරට මංගල ගුවන් ගමන සදහා ඒ.320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණා.

ඒ, අනුව ‘මෝල්ඩිවියන්ස් ‘ ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක්, එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල දී කටුනායක සහ මාලේ අතර ගුවන් ගමන්වල නිරත වීමට නියමිතයි.

මෙම පළමු ගුවන් ගමන සඳහා මාලදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

ඊයේ පැමිණි පළමු ගුවන් යානයේ සිටි මගීන්ව පිළිගැනීම සදහා නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මාලදිවයින ශ්‍රී ලංකා තානාපති රංග ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඇඩම් සාදික් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56