කොත්තු කන්න ආ විදේශිකයාට තර්ජනය කළ වෙළඳසැලේ හිමියා අත්අඩංගුවට

ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාරවල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු විසින් එම විදේශීකයාට තර්ජනය කරමින් අඩත්තේට්ටම් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම තර්ජනය කිරීමට සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලීසිය අදාළ සිද්ධියට සම්බන්ධ වෙළඳසැලේ හිමිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ – අලුත්කඩේ ප්‍රදේශයේ Street food නාමයෙන් ආහාර වෙළඳාම් කරනු ලබන ස්ථානක දී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33