කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

අද (16) උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොළඹට පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?