යාපනයේ විද්‍යා ඝාතනයේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කොට මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාල අභියාචනා පෙත්සම් අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට අද (01) දින තීන්දු කෙරුණා.

එම අභියාචනා පෙත්සම් අද ඒ. එච්.එම්.ඩී. නවාස් ප්‍රමුඛ පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාළ අභියාචනා පෙත්සම් විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ල නම් කිරීම සඳහා එය අගවිනිසුරුවරයා වෙත යොමු කරන බවයි.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය, පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසල් දැරයක වන සිවලෝගනාදන් විද්‍යා සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළා.

තමන්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමින් විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56