spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ විද්‍යා ඝාතනයේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කොට මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාල අභියාචනා පෙත්සම් අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට අද (01) දින තීන්දු කෙරුණා.

එම අභියාචනා පෙත්සම් අද ඒ. එච්.එම්.ඩී. නවාස් ප්‍රමුඛ පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාළ අභියාචනා පෙත්සම් විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ල නම් කිරීම සඳහා එය අගවිනිසුරුවරයා වෙත යොමු කරන බවයි.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය, පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසල් දැරයක වන සිවලෝගනාදන් විද්‍යා සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළා.

තමන්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමින් විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?