ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද (31) දින පස්වරු 02.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර යන පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

මීට අමතරව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබෙනවා .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12