ගුජරාටය හමුවේ මුම්බායි තරගය පරදිද්දී, මුම්බායි රසිකයින් දෙපිරිසක් ගුටි ඇනගනී (වීඩියෝ)

පසුගිය 22 වනදා ඇරඹුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වනවිට දිනෙන් දින තියුණු මුහුණුවරක් ගනු ලබනවා.

තරගාවලියේ තුන්වන තරගය ලෙස පෙරේදා අහමදාබාද් හිදී පැවති මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් හිමිකර ගැනීමට ගුජරාට් ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය නැරඹීමට 80,000කර අධික ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

එලෙස පැමිණ සිටි ප්‍රේක්ෂකයින් දෙපිරිසක් අතර දරුණු ගැටුමක් හටගෙන ඇති බව මේ වනවිට ඉන්දීය මාධ්‍ය කරුණු වාර්තා කරනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ශර්මාගේ රසිකයින් පිරිසක් සහ එම කණ්ඩායමේ නව නායක හර්දික් පාණ්ඩ්‍යාගේ රසිකයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෙම ගැටුම පිටුපස ඇති නිශ්චිත හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මුම්බායි පිළේ නායකත්වය සඳහා හර්දික් පාණ්ඩ්‍යා පත්කිරීම සම්බන්ධයෙන් රෝහිත් ශර්මාගේ රසිකයින් අතර ඇත්තේ අප්‍රසාදයක්.

ඒ හේතුවෙන් ක්‍රීඩකයින් දෙදෙනාගේ රසිකයින් අතර සමාජ මාධ්‍යයේ විවිධ මතගැටුම් ඇතිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55