spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුජරාටය හමුවේ මුම්බායි තරගය පරදිද්දී, මුම්බායි රසිකයින් දෙපිරිසක් ගුටි ඇනගනී (වීඩියෝ)

පසුගිය 22 වනදා ඇරඹුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වනවිට දිනෙන් දින තියුණු මුහුණුවරක් ගනු ලබනවා.

තරගාවලියේ තුන්වන තරගය ලෙස පෙරේදා අහමදාබාද් හිදී පැවති මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් හිමිකර ගැනීමට ගුජරාට් ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය නැරඹීමට 80,000කර අධික ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

එලෙස පැමිණ සිටි ප්‍රේක්ෂකයින් දෙපිරිසක් අතර දරුණු ගැටුමක් හටගෙන ඇති බව මේ වනවිට ඉන්දීය මාධ්‍ය කරුණු වාර්තා කරනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ශර්මාගේ රසිකයින් පිරිසක් සහ එම කණ්ඩායමේ නව නායක හර්දික් පාණ්ඩ්‍යාගේ රසිකයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෙම ගැටුම පිටුපස ඇති නිශ්චිත හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මුම්බායි පිළේ නායකත්වය සඳහා හර්දික් පාණ්ඩ්‍යා පත්කිරීම සම්බන්ධයෙන් රෝහිත් ශර්මාගේ රසිකයින් අතර ඇත්තේ අප්‍රසාදයක්.

ඒ හේතුවෙන් ක්‍රීඩකයින් දෙදෙනාගේ රසිකයින් අතර සමාජ මාධ්‍යයේ විවිධ මතගැටුම් ඇතිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?