ශ්‍රී ලංකාවට තීරණාත්මක ටෙස්ට් තරගාවලියක පළමු තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අද (22) සිල්හෙට් හිදී ආරම්භ වනවා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය අයි.සී.සි ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගාවලියක් වනවා.

ඒ, මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවමත් කිසිඳු ප්‍රසාද ලකුණක් ලබා නොගත් එකම කණ්ඩායම බවට පත්ව සිටීම හේතුවෙන්.

එමෙන්ම ධනංජය ද සිල්වාගේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වය යටතේ දිවයිනෙන් පිටත ක්‍රීඩාකරන පළමු තරගාවලිය ද මෙයවීම විශේෂත්වයක්.

මේ අතර මෙම තරගාවලිය සඳහා කණ්ඩායම දෙකම අද එක්වන්නේ ටෙස්ට් ආකෘතියේ සඳහා විශේෂඥ ක්‍රීඩකයින් දෙදෙනෙක් නොමැතිවයි.

ඒ, අනුව බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් නොමැතිව මෙම තරගාවලියට එක්වන අතර, ශ්‍රී ලංකාව ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන අසිත ප්‍රනාන්දු නොමැතිව මෙම තරගාවලියට එක්වනවා.

අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10