දියණිය දිවිනසාගත් කෝපයට නැන්දම්මා සහ මාමණ්ඩිය නිවස තුළට දමා ගිනි තියලා

තරුණ විවාහක කාන්තාවක් සියදිවි නසාගෙන පැය කිහිපයකට පසු, ඇගේ සැමියාගේ නිවසට ගිනි තබා ඔහුගේ දෙමව්පියන් ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්‍රාජ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අන්ෂිකා නැමැති අදාළ කාන්තාව ඊයේ (18) රාත්‍රියේ සිය සැමියාගේ නිවස තුළ දී ගෙළ වැළලාගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.

සිය දියණියගේ මරණය පිළිබඳ පුවත සැලවීමත් සමඟ ඇයගේ ඥාතීන් නැන්දම්මාගේ නිවසට පැමිණ තරුණියට දෑවැද්ද ඉල්ලා හිරිහැර කර ඇය සියදිවි නසා ගැනීමට පෙලඹවූ බවට චෝදනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ ගැටුමක් උත්සන්න වීමත් සමඟ අන්ෂිකාගේ ඥාතීන් නිවසට ගිනි තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ගිනි නිවන භටයින් ගින්න නිවා දැමීමෙන් පසු අන්ෂිකාගේ නැන්දම්මා සහ මාමණ්ඩිය දෙදෙනාම නිවස තුළ පිළිස්සී මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

ගින්නට හසුව තුවාල ලැබූ තවත් පස්දෙනෙක් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.