දියණිය දිවිනසාගත් කෝපයට නැන්දම්මා සහ මාමණ්ඩිය නිවස තුළට දමා ගිනි තියලා

තරුණ විවාහක කාන්තාවක් සියදිවි නසාගෙන පැය කිහිපයකට පසු, ඇගේ සැමියාගේ නිවසට ගිනි තබා ඔහුගේ දෙමව්පියන් ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්‍රාජ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අන්ෂිකා නැමැති අදාළ කාන්තාව ඊයේ (18) රාත්‍රියේ සිය සැමියාගේ නිවස තුළ දී ගෙළ වැළලාගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.

සිය දියණියගේ මරණය පිළිබඳ පුවත සැලවීමත් සමඟ ඇයගේ ඥාතීන් නැන්දම්මාගේ නිවසට පැමිණ තරුණියට දෑවැද්ද ඉල්ලා හිරිහැර කර ඇය සියදිවි නසා ගැනීමට පෙලඹවූ බවට චෝදනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ ගැටුමක් උත්සන්න වීමත් සමඟ අන්ෂිකාගේ ඥාතීන් නිවසට ගිනි තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ගිනි නිවන භටයින් ගින්න නිවා දැමීමෙන් පසු අන්ෂිකාගේ නැන්දම්මා සහ මාමණ්ඩිය දෙදෙනාම නිවස තුළ පිළිස්සී මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

ගින්නට හසුව තුවාල ලැබූ තවත් පස්දෙනෙක් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
4
+1
2
+1
9
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13
Video thumbnail
G.L.පීරිස්ගේ ගෙදර දුවන්න ලෑස්ති වෙන්න එපා..ආණ්ඩුවේ නිලධාරින් අයින් වෙන්නේ බලපෑම් නිසාද ?
03:08
Video thumbnail
අදත් තනියෙන්ම උසාවියට ආ යෝෂිත සද්දේ නැතුව පිටව ගිය හැටි
00:55
Video thumbnail
බැස්ල්ගේ පැමිණීම ගැන නලින්ද කට අරියි - ජාත්‍යන්තර පොලිසියෙන් හරි හොයලා දෙයි
01:57
Video thumbnail
බුද්ධිය නැති නිසයි එරංග එහෙම ප්‍රකාශ කරන්නේ - වියරු වැටිලා ඉන්නේ
05:19
Video thumbnail
පොහොට්ටුවේ කතුන් ආණ්ඩුවට සත්තම දායි - මහින්දගේ කාලයේ ගෙවිලිය ලස්සනට ජීවත් වුණා
05:13
Video thumbnail
ආණ්ඩුවේ ලොක්කෙකුට ග#න්න ගිය අර්චුනා - පොලිසියෙන් පැනලා අල්ලගනී
02:06
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18