මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධීන් 30ක්

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියා.

ඉන් 21 දෙනෙක් මිය ගොස් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ සිදුවූ ද්විපුද්ගල ඝාතන සිද්ධිය දීර්ඝ කාලයක් සිදුවූ අපරාධවල පලීගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

පිටිගල – ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී ඊයේ (11) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 03 දෙනෙකු තුවාල ලැබුවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබූ අතර, ඒ සඳහා ටී – 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතරින් එක් අයෙකු ඇල්පිටිය රෝහලටත් තවත් දෙදෙනෙකු ගාල්ල – කරාපිටිය රෝහලටත් ඇතුළත් කෙරුණා.

අද (12) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ මෙම ද්විපුද්ගල ඝාතන සිද්ධිය දීර්ඝ කාලයක් සිදුවූ අපරාධවල පලීගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි.

මේ අතර, අම්බලන්ගොඩ – ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලැබුවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (11) රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුකර තිබූ අතර, තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ බලපිටිය රෝහලටයි.

මේ අතර මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් 30කින් පුද්ගලයින් 21 දෙනෙක් මිය ගොස් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ රටේ අපරාධ, මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට යුක්තිය නමින් මෙහෙයුමක් ක්‍රියාත්මක වන පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38