IMF නියෝජිතයින් සමඟ සාකච්ඡාවට සජිත් නොඑයි – සම්බන්ධන් එයි

හෙට (11) පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව පවසනවා.

විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යෝලුකරමින් මේ බව දන්වා තිබෙනවා.

මේ අතර මෙම සකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ආරාධනය දෙමළ ජාතික සන්ධාන විසින් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හෙට දිනයේ මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළා.

ඒ, අනුවයි හෙට (11) දිනයේ දී මෙම විශේෂ සාකච්ඡාව කැඳවා ඇත්තේ.

විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

12458 1
12458 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?