අභිරහස් ලෙස වතුරවලකට වැටී වැඩිහිටි නිවාසයක කාන්තාවක් මියයයි

අභිරහස් ලෙස වතුර වලකට වැටී වැඩිහිටි නිවාසයකදී කාන්තාවක් මියගොස් ඇතැයි තෙබූවන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දළුඅත්ත, පයාගල 27 මධුෂ්කා ඉන්ද්‍රචාපා නැමති අවිවාහක කාන්තාවකි. මීට වසර එකාහාමාරකට පමණ පෙර මානසික ආබාධයක් හේතුවෙන් ගල්පාත මාපිය සෙවන වැඩිහිටි නිවාසයට ඇතුළත් කර ඇති බව ඇගේ මව පවසනවා.

පසුගිය 7 වන දින රාත්‍රී 8.15 සිට නිදන කාමරයේ සිට අතුරුදන්ව ඇති බවට දුරකථන ඇමතුමක් මගින් වැඩිහිටි නිවාසයේ පාලිකාව විසින් මවට දන්වා තිබෙනවා.එදින රාත්‍රීයේ නිවාසය අවට සෙවීම් කටයුතු සිදු කළත් මෙම කාන්තාව සොයා ගැනීමට නොහැකි වී ඇත.

පසුව අද (9)දින උදෑසන නිවාසයට දර එකතු කිරීමට ගිය සේවකයෙකු දැක ඇති අතර වතුරේ පාවෙන යමක් දැක සොයා බැලීමේදී සිරුර හමුවී තිබේ.

මෙහිදී තෙබුවන පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව නිලධාරීන් පැමිණ ඇති අතර කළුතර අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?