AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා මියගොස් ඇත. මීරිගම, පරණ කැස්බෑව මාර්ගයේ කට්ටිය හංදිය දෙස සිට දෙල්කඳ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඊයේ (04) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබේ.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකි. මේ අතර, පසුගිය මාර්තු 31 වනදා සිට අප්‍රේල් 2වනදා දක්වා කාලය තුළ මාර්ගයේ ධාවනයට නුසුදුසු යතුරුපැදි 450ක් පොලිස් භාරයටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කරගැනීම වෙනුවෙන් පොලීසිය මෙම විශේෂ වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ පසුගිය මාර්තු මස 31 වනදා සිටය.

අදාළ කාලසීමාව තුළ බීමත්ව යතුරුපැදි පැදවූ පුද්ගලයන් 398ක්, අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ පුද්ගලයන් 139ක්, අධික වේගයෙන් යතුරුපැදි පැදවූ 108ක්, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ සිද්ධි 1,977ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ පුද්ගලයන් 1,303ක් සහ මාර්ග නීති උල්ලංඝණය කිරීමට අදාළව නඩු 2806ක් ද වාර්තා වී තිබේ.

ඊට අමතරව වෙනත් වැරදි සම්බන්ධයෙන් 6,186කට මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මකකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාලය තුළ ලබාගෙන ඇති සම්පූර්ණ නඩු සංඛ්‍යාව 13,320කි.

මෙම මෙහෙයුමේ අරමුණ යතුරුපැදිකරුවන් අපහසුතාවට පත් කිරීම නොව ඔවුන් ආරක්ෂා කිරීම සහ යතුරුපැදි ධාවනය විධිමත් කිරීම බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?