රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා මියගොස් ඇත. මීරිගම, පරණ කැස්බෑව මාර්ගයේ කට්ටිය හංදිය දෙස සිට දෙල්කඳ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඊයේ (04) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබේ.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකි. මේ අතර, පසුගිය මාර්තු 31 වනදා සිට අප්‍රේල් 2වනදා දක්වා කාලය තුළ මාර්ගයේ ධාවනයට නුසුදුසු යතුරුපැදි 450ක් පොලිස් භාරයටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කරගැනීම වෙනුවෙන් පොලීසිය මෙම විශේෂ වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ පසුගිය මාර්තු මස 31 වනදා සිටය.

අදාළ කාලසීමාව තුළ බීමත්ව යතුරුපැදි පැදවූ පුද්ගලයන් 398ක්, අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ පුද්ගලයන් 139ක්, අධික වේගයෙන් යතුරුපැදි පැදවූ 108ක්, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ සිද්ධි 1,977ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ පුද්ගලයන් 1,303ක් සහ මාර්ග නීති උල්ලංඝණය කිරීමට අදාළව නඩු 2806ක් ද වාර්තා වී තිබේ.

ඊට අමතරව වෙනත් වැරදි සම්බන්ධයෙන් 6,186කට මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මකකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාලය තුළ ලබාගෙන ඇති සම්පූර්ණ නඩු සංඛ්‍යාව 13,320කි.

මෙම මෙහෙයුමේ අරමුණ යතුරුපැදිකරුවන් අපහසුතාවට පත් කිරීම නොව ඔවුන් ආරක්ෂා කිරීම සහ යතුරුපැදි ධාවනය විධිමත් කිරීම බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09