විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ‘ වැලි ඇල ‘ ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වැලි ජාවාරම සොයා අනුරාධපුර පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් පෙරේදා දියත් කරනු ලැබුවා.
පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ලගාවන විටත් ජාවාරම්කරුවන් එම ස්ථානයෙන් පලා ගොස් සිටියා.
මහවිලච්චිය යාය හත මන්නාරම් හන්දිය ප්‍රදේශයේ සිට කිලෝමීටර් 3ක දුර ප්‍රමාණයකින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති වැලි ඇල නමින් හදුන්වන ස්ථානයේ මහා පරිමාණයෙන් සිදුකරගෙන යන වැලි ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුණා.
වැලි ප්‍රවාහනය සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ මාර්ගද නිර්මාණය කර ඇත්තේ වන අලි ගම් වැදීම වැළකීම සඳහා ඉදිකර ඇති විදුලි වැට ද ඉවත්කරමින්.
ඒ අනුව අනුරාධපුර කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට ලගාවන විටත් ජාවාරම්කරුවන් එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
අවුරුදු 3ක් තිස්සේ සිදුකරන මෙම මහා පරිමාණ වැලි ජාවාරම මීට පෙර සිදුකළ වැටලීමක් මගින් අවුරුද්දක් පමණ කාලයක් නතරකොට තිබූ අතර යළිත් ජාවාරම්කරුවන් මෙම ජාවාරමට අවතීර්ණ වී තිබෙනවා.
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළට ඇතුල්වීමටවත් අවසර නොදෙන වනජීවී නිලධාරීන් මහා පරිමාන ජාවාරම්කරුවන්ට මෙලෙස ජාවාරම් කිරීමට ඉඩ සලසා දීම පිළිබදව ගැටලුවක් පවතින බවයි ගම්වාසීන් පවසන්නේ.
සැකකරුවන් සොයා ඉදිරි විමර්ශන කටයුතු අනුරාධපුර කොට්ඨාස විමර්ශන අංශය මගින් මෙහෙයවනු ලබනවා.














