ඉන්දීය ආයෝජන මෙරට තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් පවසනවා.
දකුණු පළාතේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන හයසියයක් ලබාදී සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.මේ තුළින් නිවාස දොළොස් දහසක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට අවධානය යොමුව ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙසීයකට සුහුරු පන්ති කාමර ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දිය ආයෝජන වැඩි වශයෙන් දකුණු පළාතට ලබාදීම පිළිබඳ සාකච්ඡාවකදීයි. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සමඟ පැවති මෙම හමුව එම කාර්යාලයේ දී සිදු කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1














