ගාසා තීරයට ඇමරිකාව ගුවනින් ආහාර බෙදයි

ඇමරිකා එක්සත් ජනපදය ගාසා තීරය සඳහා සිය පළමු මානුෂීය ආධාර තොගය ගුවනික් පතිතකර තිබෙනවා.

හමුදා ගුවන් යානා තුනකින් ආහාර මළු 38,000කට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට බෙදාහැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජෝර්දානයේ ගුවන් හමුදාව සමඟ එක්ව එක්සත් ජනපදය මෙම දියත් කරනු ලැබුවා.

ආහාර රැගත් ලොරි රථ පෙළක් අසලට රැස්වූ පලස්තීන වැසියන් 112 දෙනෙක් පසුගිය දා මියයාමේ සිද්ධියෙන් පැසි ගාසා තීරයට මෙලෙස ආහාර බෙදා දැමීමට තීරණය කර තිබෙනවා.

එක්සත් රාජධානිය, ප්‍රංශය, ඊජිප්තුව සහ ජෝර්දානය ඇතුළු අනෙකුත් රටවල් මීට පෙර ගාසා තීරයට ගුවනින් ආධාර ලබා දී ඇති අතර එක්සත් ජනපදය විසින් ගුවනින් ආධාර ලබාදෙනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?